
කුරැණෑගල ඇත්කඳවෙහෙර රජමහා විහාරස්ථානයට රුස් වූ සමථ මූල මණ්ඩල සාමාජික පිරිස එදින කටයුතු සඳහා වෙනදා මෙන්ම සූදානම් වූහ. සියල්ලට පෙරාතුව පැමිණ සිටි පැමිණිලි පාර්ශ්වයේ සහ විත්තිය පාර්ශ්වයේ පිරිස් දැනුම්වත් කිරීමේ හමුවක් පැවැත්වෙමින් තිබිණි. හදිසියේම සෙනඟ අතරේ කළබලයක් සිදුවෙන බව පෙනුණේ පිරිස අතර නැගුණු දැඩි ඝෝෂාව නිසාය.
රුස්ව සිටි මිනිසුන් අතර සිටි පුද්ගලයෙක් තවත් අයකුට ඉවක් බවක් නොමැතිව පිහියකින් ඇනගෙන ගියේය. තුවාල ලත් පුද්ගලයාට ඉන් මිදෙන්නට මඟක් නොවීය. ලේ පෙරෙන තුවාල සහිතව ඔහු සමථ මූල මණ්ඩලය රුස් වූ ශාලාවේ බිම ඇද වැටිණ.
තුවාලකරැගේ මරලතෝනිය හමුවේ ශාලාව පිටතින් සිටි ඔහුගේ පුත්‍රයා ශාලාව දෙසට දිව එමින් සිටියේය. මාරාවේශයෙන් තැතිගෙන සිටි පිහිය අතින් ගත් පුද්ගලයා පෙර මග පැමිණි තරැණයාටද පිහිය අමෝරා පැන්නේ තවත් විනාශයක් කිරීමේ අටියෙනි. ඒ අවස්ථාව ක්ෂණයකින් මඟහැරී ගිය නිසා පිහිය අතින් ගත් තැනැත්තා පන්සල් බිමෙන් පලා යන්නට උත්සාහ දැරැවේය. ඊට අවස්ථාවක් නොදුන් රුස්ව සිටි පිරිස සහ ආසන්නයේ සිටි පොලිස් නිලධාරීන් එක්ව ඔහු කුදලා අල්ලා ගත්හ. ඒ සමඟම ඇත්කඳ විහාරාධිපති හිමියෝ පොලීසියට දුරකතන ඇමතුමක් ලබාදී සිද්ධිය සැලකළහ.
ලේ ගලන බරපතළ කැපුම් තුවාල සහිතව සිටි පුද්ගලයා වහාම කුරැණෑගල මහ රෝහලට ඇතුළත් කිරීමට පිරිසක් කටයුතු කළ අතර සිද්ධියෙන් හරියටම පැයකට පසුව තුවාලකරැ මියගිය බව වාර්තා විය.
මේ ආකාරයට කුරැණෑගල ඇත්කඳ විහාරයේ සමථ මූල මණ්ඩල රුස්වීමේදී පිහි ඇනුමකට ලක් වී රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබුණේ හිටපු පොලිස් කොස්තාපල්වරයකු වූ කුරැණෑගල විල්ගොඩවත්ත පදිංචි ගමරාළලාගේ ජයසිංහ මහතාය. මොහුට පිහියෙන් ඇන ඇත්තේ ඔහුගේ පැමිණිල්ලේ විත්තිකරැ විසින් බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගිය ජයසිංහ මහතා සහ ඔහු ඝාතනය කළ පුද්ගලයා කුරැණෑගල මීගමුව මාර්ගයේ පුවක්ගස් හන්දිය අසල යන්තම්පලාව පාරේ විල්ගොඩවත්ත ප්‍රදේශයේ අංක 153 සහ 154 දරන යාබද නිවාස දෙකෙහි පදිංචිකරැවන් බවද පොලීසිය පවසයි.
කලක පටන් යාබද නිවෙස් දෙකෙහි ජීවත් වූ පුද්ගලයන් දෙන්නා අතර ඉඩමේ වැට මායිම වෙනුවෙන් වාද විවාද හා ගැටුම් ඇති කරගෙන තිබෙන බව වාර්තා වී තිබිණි. මේ සඳහා නිසි විසඳුමක් නොවූයෙන් මියගිය තැනැත්තා කුරැණෑගල මූලස්ථාන පොලීසියේ පැමිණිල්ලක් සටහන් කර තිබිණ. පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම ගැටලුව සමථයකට පත්කර තිබුණද පසුකලෙක යළි යළිත් ගැටුම් වර්ධනය වී ඇතැයි කියයි.
පොලීසියේදී ගැටුම සමථයකට පත් වූයෙන් මියගිය ජයසිංහ නැමැත්තා ඉඩම් දෙකේ මායිම් අතර තාප්පයක් ඉදිකළේය. ඉන්පසුව නිරතුරැවම යාබද ඉඩම නොපෙනෙන නිසා ගැටුම් ආරවුල් පහ වී යනු ඇතැයි ජයසිංහ මහතා සිතන්නට ඇත. දින කීපයක් ගතවීමෙන් පසුව ජයසිංහ මහතාට නැවතත් කුරැණෑගල පොලීසියෙන් කැඳවීමක් ලැබිණ. පැමිණිල්ල යොමුකර තිබුණේ අසල්වැසි නිවෙස් හිමියාය.
පැමිණිලිකරැගේ නිවෙසට ගල්පහරක් එල්ලකර ඇති බවට සැකයක් පදනම් කරගෙන පැමිණිල්ල යොමුකර තිබුණි. සිද්ධිය පිළිබඳව කරැණු විමසමින් ගැටලුව සමථයකට පත් කරන්නට පොලීසිය බොහෝ කාලයක් වැය කළද ඉන් පලක් වූයේ නැත. එබැවින් එම ගැටලුව කුරැණෑගල සමථ මූල මණ්ඩලයට යොමුකරන්නට තීරණය විය. පැමිණිලිකරැ සහ විත්තිකරැ ඊට එකඟතාවය පළ කළහ.
සමථ මූල මණ්ඩලයේදී පැමිණිල්ල විභාගයට ගැනීමට නියමිතව තිබුණේ ඉකුත් 1 වැනිදා සෙනසුරාදා පෙරවරැවේය. ඒ සඳහා දෙපාර්ශ්වය මෙන්ම එදින වෙනත් නඩුවලට සහභාගී වූ පිරිසක්ද ඇත්කඳ විහාරයේ රුස්ව සිටියහ. එහිදී පිරිස දැනුම්වත් කරන රුස්වීම අතරතුරදී මෙම අපරාධය සිදුව ඇතැයිද ඒ සඳහා සැකකරැ සිතා මතා සූදානමින් පැමිණි බවක් පෙනෙන බවද පොලීසිය කියයි.
සැකකාර තැනැත්තා එල්ල කළ පිහි පහර හේතුවෙන් මියගිය ජයසිංහ මහතාගේ උදරය, පපුව සහ ගෙල ප්‍රදේශයට පිහිපහර වැදී බරපතළ තුවාල රුසක් සිදුව තිබුණි. සිද්ධියත් සමඟ භීතියට පත් මිනිසුන් කෑගැසීමත් සමඟ ශාලාවෙන් පිටත රුඳී සිටි මරණකරැගේ පුත්‍රයාටත් පිහියෙන් ඇනීමට සැකකරැ දැරෑ උත්සාහය වැරුදීමෙන් වෙන්න ගිය ලොකු විනාශයක් වැළකිණි.
පෙරවරැ 9.15ට පමණ සිද්ධිය වාර්තා වූ අතර තුවාලකරැ රෝහල් ගත කර සිටියදී පෙරවරැ 10.15ට ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අනතුරැව කුරැණෑගල වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ විමර්ශන කළ අතර සිද්ධිය දුටු සමථ මණ්ඩල සාමාජිකයෝ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරන්නට වූහ. ඒත් සමඟ වැඩබලන මහේස්ත්‍රාත්වරයා දැන්වූයේ එදින සමථ මූල මණ්ඩලයේ සිටි සාමාජික පිරිසේ නාමලේඛනයක් ලබාදෙන ලෙසය. එම නාමලේඛනය පොලිසියට ලැබී තිබියදී මරණකරැගේ දේහය භූමදානය කිරීමෙනුත් පසුව සමථ මූල මණ්ඩලයේ සාමාජිකයන් වරින්වර පොලිසියට පැමිණ කටඋත්තර ලබාදී පිටව ගිය බව කුරැණෑගල පොලිසියේ නිලධාරීහු පැවසූහ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී බරපතළ කැපුම් තුවාල නිසා සිදුවූ අධික රැධිරය වහනය හේතුවෙන් සිදුවූ මරණයක් බවට නිගමනය විය. සැකකරැ රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය පවසයි.
කුරැණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න, සහකාර පොලිස් අධිකාරි එගොඩවෙල, කුරැණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංක බාලසූරිය මහත්වරැ වැඩිදුර විමර්ශන සිදුකරති.
කතාව - සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරෑ - පුෂ්පකුමාර ජයරත්න